දේශීය

නවසීලන්තයට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

 

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 141ක් රැස් කළේය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය සිල්වා ලකුණු 37ක් රැස්කළේය.

 

පන්දු යැවීමේදී ඇඩම් මිල්නේ ලකුණු 26කට කඩුලු 5යි.

 

ලකුණු 142ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 4ක් අවසානයේදී එක් කඩුලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

 

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Tim Seifert නොදැවී ලකුණු 79ක් රැස් කළේය.

 

මෙම පන්දුවාර 20යි විස්ස තරගාවලිය තරග 3කින් සමන්විත වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි.

 

 

Related posts

දහම් පාසල් විවෘත කිරීමට සැළසුම්

Mohamed Dilsad

වැලිකඩ පොලිස් හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීමේ නියෝගය හෙට

Mohamed Dilsad

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment