දේශීය

කූඨ ලේඛන සමග මෙරටට ඇතුළුවීමට ගිය දෙදෙනෙක් ආපසු හරවා යවයි

කූඨ ලේඛන භාවිත කර ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා බව කියන පුද්ගලයෙකු පිළිබඳ පුවතක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් වාර්තා විය.

 

යුරෝපය වෙත පැනයෑමේ අදහසින් කූඨ ලෙස සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන්ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් ඔවුන් මෙලෙස ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත්කර තිබේ.

 

ඒ අනුව, කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (07) උදෑසන ඔවුන්ව පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.

 

මේ ආකාරයටම පසුගිය සතිය තුළ ඉරාක ජාතිකයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ යුරෝපය වෙත පළා යෑමට තැත් කිරීමේදී ශ්‍රීලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

 

 

Related posts

පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ශානි රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලයි

Mohamed Dilsad

උසස් පෙළ සැප්තැම්බර් මුල ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment