දේශීය

මංගල සාරිය අතට ගත් තරුණියට නිවසේදීම ඇසිඩ් ප්‍රහාරයක්

වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ අද (27) පැවැත්වීමට නියමිතව තිබූ තම විවාහ උත්සවයකට සුදානම් වෙමින් සිටි මනාලියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

වැලිගම පොලීසිය පැවසුවේ අද අලුයම 03ට පමණ ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවය.

 

බරපතළ තුවාල ලබූ තරුණිය මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

 

ප්‍රහාරයට ලක්වූ තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර පසුව දෙමාපියන්ගේ විරුද්ධත්වය මත එම සම්බන්ධතාවය නවතා දමා තිබේ.

 

පොලීසිය පැවසුවේ, එයට පළිගැනීමක් ලෙස අදාළ තරුණයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අනාවරණය වී ඇති බවය.

 

අපරාධකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කඩිනමින් පියවර ගන්නා බව වැලිගම පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ පොම්පාගාර ජලයෙන් යටවෙලා ; පිරිපහදු කළ ජලය සැපයීමත් ගැටළුවක්…!

Editor O

සහල් ආනයනය 2028 දී නතර කරනවා – ලාල් කාන්ත

Editor O

පාසැල් ආරම්භය පිළිබඳ පැතිර යන පුවත අසත්‍යයක්

Mohamed Dilsad

Leave a Comment