දේශීය

බොරතෙල් මිලේ වෙනසක්

වෙළඳපොළට බොරතෙල් සැපයුම තවදුරටත් සීමා කිරීමට සෞදි අරාබිය තීරණය කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.

 

මේ අනුව බ්‍රෙන්ට් වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 77ක අගයක ය.

 

ෙලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය තවදුරටත් කපාහැරීමට තීරණය කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.21 දක්වා සියයට 1.4 කින් ඉහළ ගිය අතර අමෙරිකානු WTI තෙල් බැරලයක මිල ඩොලර් 72-81 ක් ලෙස සියයට 1.5 කින් පමණ ඉහළ ගියේය.

 

ලබන ජුලි මාසයේ සිට සිය තෙල් නිෂ්පාදනය ඩොලර් මිලියනයකින් කප්පාදු කරන බව සෞදි අරාබිය විසින් ප්‍රකාශ කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 9 කින් පමණ ඉහළ ගිය අතර ගෝලීය ආර්ථිකයේ දුර්වලතා සහ ඉල්ලුමට එමගින් ඇතිවන බලපෑම හමුවේ තෙල් මිල යම් ආකාරයකින් ප්‍රකෘතිමත් වී තිබේ.

 

ඔපෙක් හෙවත් තෙල් අපනයන කරන රටවල සංවිධානය සහ රුසියාව ඇතුළු ඒ හා ඒකාබද්ධව වෙළෙඳපොළේ තීරණ ගන්නා රටවල් , ගෝලීය බොරතෙල් සැපයුමෙන් සියයට 40 කට දායකත්වය සපයයි.

 

ඔපෙක් සංවිධානය සහ ඊට අනුබද්ධ අනෙක් තෙල් නිෂ්පාදන රටවල් 2020 වසරේ සිට ගෝලීය තෙල් නිෂ්පාදනයේ සියයට 3.6ක් එනම් දිනකට තෙල් බැරල් මිලියන 3.6 බැගින් කපා හැර ඇති අතර පසුගිය වසරේ කපා හැරුණු දිනකට තෙල් බැරල් මිලියන 2 ක කප්පාදුවද ඊට ඇතුළත්ය.

 

2024 දක්වා දීර්ඝ කෙරුණු තෙල් නිෂ්පාදන කප්පාදුව තුළින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 කට වැඩි මට්ටමකින් පවත්වා ගැනීමට තෙල් නිෂ්පාදනය කරන රටවල් අපේක්ෂා කෙරේ.

Related posts

ජනපති දිවයිනට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

IOC තෙල් මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment