දේශීය

නිරිතදිග මෝසම සම්පුර්ණයෙන්ම ස්ථාපිත වෙයි

නිරිතදිග මෝසම දිවයින හරහා සම්පුර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ කාලගුණ අනාවැකියෙන් නිවේදනය කරයි.

 

මේ හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

 

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය.

 

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ද ඇතිවෙයි.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related posts

එක්සත් ජාතික පක්‍ෂයේ 79 වන සංවත්සර සැමරුම මහ ඉහළින්

Editor O

විදුලි බල සැපයුම ගැන භයානක තත්ත්වයක් නිරීක්ෂණය වනවා. – අජිත් පී පෙරේරා

Editor O

පාර්ලිමේන්තුව 1 දක්වා කල් තැබේ – නව සැසියට 600 ක පිරිසක්

Mohamed Dilsad

Leave a Comment