දේශීය

එළොව ගිහින් මෙළොව ආ ආච්චි අම්මා

76 හැවිරිදි අදාළ කාන්තාව හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව ඇයගේ පුත්‍රයා විසින් ඇයගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර භූමදානයට පෙර ඇඳුම් මාරුකිරීමට සූදානම් වන අවස්ථාවේ අදාළ කාන්තාව ගැඹුරින් හුස්ම හෙළන ශබ්දය ඇසී තිබේ.

 

ඒ අනුව ඥාතීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී අදාළ කාන්තාව මියගොස් නොමැති බව අනාවරණය වී ඇත.

 

මේ වන විට එම කාන්තාව කලින් ප්‍රතිකාර ලබාසිටි රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

 

එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන ඇත.

Related posts

එජාපය අලුත් කරන්න කමිටුවක්

Editor O

ගොවීන් ට යළිත් සුබ පණිවුඩයක්

Mohamed Dilsad

දළඳා මාළිගාවටත්, කතරගම පෙරහරටත්, පාර්ලිමේන්තුවටත් බෝම්බ ගහපු අය දළඳා ප්‍රදර්ශනයක් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

Leave a Comment