දේශීය

සමේ රෝග වාර්තාවීම් ඉහළ ට

මෙරට තුළ මෑත කාලීනව සමේ රෝග වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අංශ පෙන්වාදී තිබේ.

 

සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ, බොහෝදෙනා සම සුදු පැහැ ගැන්වීම සඳහා නිසි විමසාබැලීමකින් තොරව භාවිතයට ගන්නා ඇතැම් ආලේපන ද ඊට හේතුවී ඇති බවය.

 

පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් සම සුදුපැහැවීම සඳහා එන්නත් කරන ස්ථාන සහ සමට නුසුදුසු ව්‍යාජ ආලේපන නිෂ්පාදනය කරන ස්ථානත් පසුගිය මාසයේ අද දෙරණ උකුස්සා නීතියේ රැහැනට හසුකර දුනි.

 

ඒ බොහෝදෙනා සම සුදු පැහැ කරගැනීම සඳහා කිසිදු විමසා බැලීමකින් තොරව, ඕනෑම ඖෂධයක් හෝ ආලේපනයක් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් රට තුළ පවතින බව සනාථ කරමිනි.

 

එවන් පසුබිමක,මෙරට සමෙහි පිළිකා රෝගීන්ගේ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අංශ පවසති.

 

ඕනෑම පුද්ගලයෙකුගේ සමේ වර්ණය තීරණය වන්නේ මෙලනීන් නමැති වර්ණකය අනුවය.

 

හිරු එළියෙන් නිකුත් වන පාරජම්බුල කිරණවලින් සහ බාහිර ලෙඩ රෝගවලින් සම ආරක්ෂා කිරීමට මෙලනින් වර්ණකය උපකාරී වෙයි.

 

මෙලනීන් මඟින් සැපයෙන ආරක්ෂාව අහිමිවීමෙන් පහසුවෙන්ම රෝගාබාධවලට ගොදුරු වන අතර එමගින් සමෙහි පිළිකා ද ඇති වීමේ අවදානම ඉහළ යයි.

 

මෑත කාලීනව බොහෝ දෙනා සම සුදු පැහැවීමට භාවිතයට ගන්නා ඇතැම් ඖෂධ සහ ආලේපන ආදියද සමෙහි පිළිකා ඇතිවීමට බලපා ඇති බව වෛද්‍යවරුන් පවසයි.

Related posts

විපක්ෂ නායක සජිත් ඇතුලු නායකයින් පිරිසක් CID යට

Mohamed Dilsad

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් පිරිස 650කට ආසන්නයි

Mohamed Dilsad

කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

Mohamed Dilsad

Leave a Comment