දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

 

දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්විමට නියමිතය.

 

පස්වරු 5.30 ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් විවාදයකින් තොරව අනුමත කර ගැනීමටද නියමිතය.

 

මේ අතර ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව අද කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිත අතර හෙට දිනයේදී ලංකා සතොස ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ.

Related posts

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත් කෙරේ

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජෙනරාල් තනතුරට

Mohamed Dilsad

දින 14 ක් තුළ සිදුකල වැටලීම් වලින් 25000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment