දේශීය

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එහි දැක්වෙන්නේ, නිවාස ඉදිකර දෙන බවට හා ණය පහසුකම් මත නිවාස ලබාදෙන බවට ගිවිසුම් ලබාදී රුපියල් 19,215,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් සඳහා අදාළ සැකකරුව අවශ්‍ය කරන බවය.

 

අදාළ සැකකරු පෞද්ගලික සමාගමක හිමිකරුවෙකු වන අතර ඔහුට එරෙහිව පුද්ගලයින් 14 දෙනෙකු විසින් නුගේගොඩ කොට්ඨාසයේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

සැකකරුගේ ඡායාරූපයක් යොමු කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම්දෙන්නේ ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසය.

 

නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරී – 071 859 1641

ස්ථානාධිපති, විශේෂ අපරාධ විමර්ශව අංශය – 0112 85 25 56 / 071 813 7373

Related posts

කෝපා සභාපතිධුරය රංජිත් බණ්ඩාරට

Mohamed Dilsad

රෝහල්වල ශල්‍යකර්ම සහ සායන කටයුතු ඇරඹීමට පියවර

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 339කට පූර්ණ සුවය

Mohamed Dilsad

Leave a Comment