ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වෙයි

(උදයම්,කොළඹ)        අයි. සී. සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) උදෑසන එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ජුනි මස පළමු වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා සති දෙකක පමණ කාලයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යන්නේ එහි දී පුහුණු තරග කිහිපයකට සහභාගී වීමට සහ කාලගුණ තත්ත්වයට හැඩගැසීම සඳහා ද කාලය වෙන් කර ගනිමිනුයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ තරගාවලියට සූදානම් වීම සඳහා ක්‍රීඩකයන් හට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළ බවයි. එමෙන්ම ඉතිහාසයේ පළමු වරට කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා ඉහල වටිනාකමකින් යුතු රක්ෂණාවරණයක් ලබා දීමට ද කටයුතු කර තිබෙන බවයි ක්‍රිකට් සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කලේ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියකට පෙර සහභාගී නොවන ආකාරයේ ඉතා විධිමත් සහ ඵලදායී පුහුණු සැසි කිහිපයක්  සංවිධාන කරන්නට මෙරට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබූ අතර ලසිත් මාලිංග හැර චැම්පියන්ස් කුසලාන සංචිතයේ සියලු ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින්, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අලුතින් ඉදි කෙරුණු විශිෂ්ටතා මධ්‍යස්ථානයේ පැවති නේවාසික පුහුණු කඳවුර ඉතා ප්‍රයෝජනවත් වූ බව ThePapare.com වෙත අදහස් දැක්වූ බොහෝ ක්‍රීඩකයන්ගේ මතය විය.

මේ වන විට අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ලසිත් මාලිංග එම තරගාවලිය අවසන්වීමත් සමඟ එංගලන්තයේ දී කණ්ඩායම සමඟින් එක් වනු ඇති.

 

 

Related posts

එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලි ත්‍රිත්වයක්

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්-අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලට ජනපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment