දේශීය

ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

 

අක්කරේපත්තු මුහුදු තීරයේ විශාල එළි නංවමින් යාත්‍රාවක් ගිනි ගන්නා බවට නාවික හමුදාවට ඊයේ (16) රාත්‍රී තොරතුරක් ලැබී තිබුණි.

 

ඒ අනුව ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට අයත් ඩෝරා යාත්‍රාවක් නාවික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු සමඟ අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සඳහා පිටත්ව ගොස් තිබේ.

 

කෙසේවෙතත් රාත්‍රී 1න් පසුව අදාළ එළි දක්නට නොලැබුණ බවද නාවික හමුදාව සඳහන් කළේය.

 

ඒ අනුව නාවික හමුදාව මේ වන විටත් අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතින බව වාර්තා වේ.

 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මේ දක්වාත් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

Related posts

සිමෙන්ති මිල යළි ඉහළට

Mohamed Dilsad

මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ඇරඹේ

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment