දේශීය

ලියාපදිංචි අපරාධකරුවෙක් සිරකඳවුරෙන් පළායයි

පල්ලකැලේ කුණ්ඩසාල එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

 

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේවලදී සිරභාරයෙන් පළා ආ බව පවසා තිබේ.

 

මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන අතර ගම්පහ ප්‍රදේශයේ නිවසක් ද කොල්ලකා ඇති බව පසුව අනවරණය වූ බව පොලීසිය පැවසීය.

 

සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

 

Related posts

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි වියත්මග වියතුන්ට ඉල්ලීමක්[PHOTOS]

Mohamed Dilsad

කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment