විදෙස්

බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලය ගිනි තැබේ

අද (20) උදෑසන ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක් එයට ගිනිතබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

 

ස්වීඩනයේ දී කුරානය ගිනිතැබීමට විරෝධය පළකරමින් ඔවුන් එසේ සිදුකර ඇති බව සඳහන් ය.

 

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ස්වීඩන් විදේශ අමාත්‍යංශය පැවසුවේ එහි කාර්යය මණ්ඩලය ආරක්ෂිතව සිටින බවය.

 

මෑතකදී ස්වීඩනයේ දී කුරානය ගිනිතබා තිබුණු අතර ඉදිරි සතිවලදීද එවැන්නක් සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

 

ඉරාකයේ විරෝධතා පවත්වා ඇත්තේ ඊට එරෙහිවය.

 

එරට ප්‍රබල ෂියා පූජකයෙක් වන මුක්ටාඩා සදාර් විසින් මෙම විරෝධතා කැඳවා තිබුණි.

Related posts

බ්‍රසීලයේ ජනතාවට අමතක වූ කොරෝනා

Mohamed Dilsad

ඇමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී අනතුරට.7දෙනෙකු අතුරුදහන්

Mohamed Dilsad

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment