දේශීය

විදුලි පාරිභෝගිකයින්ගේ තැන්පතුවලට පොලිය ගෙවන්නේ මෙහෙමයි

විදුලිබල පනත ප්‍රකාරව විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමේදී තැන්පත් කරන මුදල වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ජුලි මස සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟවී ඇතැයි විදුලි, පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමය පවසයි.

 

එම සංගමය නියෝජනය කරමින් මාධ්‍ය හමුවකට එක්වූ ආචාර්ය, නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසුවේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු වෙනුවෙන් ගෙවිය යුුතු පොලිය ප්‍රථමයෙන් ගෙවන ලෙස තමන් ඉල්ලීමක් කරන බවය.

 

ආචාර්ය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා,

 

“ඒ පොලිය අයිති විදුලි පාරිභෝගිකයින් ට. නමුත් ඒ අයිතිය විදුලිබල මණ්ඩලය ලබාදුන්නේ නැහැ. ඒ නිසා අධිකරණයට ගිහින් ලොකු සටනක් කරන්න වුණා. ඒ තුළින් හැකියාවක් ලැබුණා විදුලි සම්බන්ධතාවය ලබාදීමේදී ලබාගන්නා තැන්පතුව වෙනුවෙන් දෙන පොලිය ගෙවන බවට. විදුලිබල මණ්ඩලය පොරොන්දු වුණා ජුලි මාසයේ සිට පොලිය ලබාදීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒකත් කොටස් දෙකකට. මුලින්ම විශාල ප්‍රමාණයේ පාරිභෝගිකයින් සඳහා. ජනවාරි සිට කුඩා ප්‍රමාණයේ පාරිභෝගිකයින් සඳහාත්. ඒකෙනුත් පොඩි මිනිහට තමයි පහර ගහන්නේ. අපි ඉල්ලා සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු සඳහාවූ පොලී මුදල් මුලින්ම ගෙවන්න කියලා.”

Related posts

විශේෂ පොලිස් මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අක්ෂි සැත්කම්වලින් පසු ලබාදුන් ඖෂධ සංකූලතා සෙවීමේ කමිටුව පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

පොලිස් වෙස්ගත් හොරු

Mohamed Dilsad

Leave a Comment