දේශීය

දියේ ගිලී දරුවෙක් මරුට

යාපනය ,වඩමාරච්චි නැගෙනහිර මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු හයක දරුවකු ඊයේ (08) සවස මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කේණි පොලීසිය පවසයි.

 

පොලීසිය පැවසූවේ, ජීවිතක්ෂයට පත් දරුවා එංගලන්තයේ ලන්ඩන් හි පදිංචිකරුවකු වන අතර ඔහු සිය මව සහ පියා සමඟ ඥාතියකුගේ මළගෙදරකට සහභාගී වීම සඳහා පසුගියදා මෙරටට පැමිණ ඇති බවය.

 

මව සහ පියා දරුවා ඥාතියකුගේ නිවසෙහි නතර කර මළගෙදරට සහභාගීවිම සඳහා පිටත්ව ගොස් ඇති අතර අදාළ අවස්ථාවේ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

 

මුහුදේ ගිලී ජීවිතක්ෂයටපත්ව ඇත්තේ එංගලන්තයේ ,ලන්ඩන් නුවර පදිංචිව සිටි පුදුකරන් ආරිෂ් නැමති වයස අවුරුදු හයක පිරිමි දරුවකි.

 

දරුවා සිටි ඥාති නිවස මුහුද අද්දර පිහිටා ඇති බවත් දරුවා කිසිවෙකුට නොපවසා මුහුදේ දියනෑම සඳහා ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

 

මුහුදේ ඇති රළු ස්භාවය හේතුවෙන් දරුවා මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත්ව දරුවා බේරාගෙන යාපනය මරදන්කේණි රෝහල වෙත ඇතුළත් කිරීමේදී දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.

 

මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවද පොලීසිය සඳහන් කළේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

ඇමෙරිකාවෙන් එල්ල කළ ප්‍රහාරවලට එරෙහිව, ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බසිති.

Editor O

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු 16දා ඇරඹේ.

Editor O

ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක ගෙවයි

Mohamed Dilsad

Leave a Comment