දේශීය

තවත් වෙඩිතැබීමක්

මල්ලාවි පොලිස් වසමේ පාලිනගර් ප්‍රදේශයේ දී නිවසකට ඇතුළු වූ පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

වෙඩි වැදුනු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇත.

 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වූ පාලිනගර්, මල්ලාවි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.

 

වෙඩිතැබීම සිදුකරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

2020 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

ෂොපින් බෑග්වලට මුදල් අය කරන ලෙස ගැසට් නිවේදනයේ සඳහනක් නැහැ

Editor O

කොවිෂිල්ඩ් මාත්‍රා දෙකම ගත් ලාංකිකයන් ලක්ෂ 03 කට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment