දේශීය

තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි

දේශීය රැකියා නියෝජිතායතනයක් වශයෙන් පවත්වාගෙන යමින් නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවාගැනීම් සිදුකළ කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා තිබේ.

 

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 08 වනදා එම වැටලීම කර එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

කුරුණෑගල, බෞද්ධාලෝක මාවතේ සිරිපති ගොඩනැගිල්ලේ මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් කුවේට්, ඩුබායි, මාලදිවයින, රුමේනියා, කටාර්, සර්බියාව, රුසියාව ආදී රටවල රැකියා සඳහා යවන බව පවසා අයදුම්පත්‍ර ලබාගෙන තිබුණි.

 

මේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර තිබූ අතර, එහිදී මෙම ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයාව විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 05ක්, විදේශ ගමන් බලපත්‍ර පිටපත් සහිත ලිපි ගොනුවක්, රබර් මුද්‍රා, හඳුනාගැනීමේ කාඩ්පත් හා රැකියා අයදුම්පත් විශාල ප්‍රමාණයක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත ඉරිදා (09) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

 

එහිදී ඔහුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැරීමටත්, මෙම මස 28 වනදා නඩු විභාගය පැවැත්වීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි

Related posts

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර

Mohamed Dilsad

කුවේටයේ වද හිංසනයට ලක්වූ 46 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූවන්ට ඉඩම්

Mohamed Dilsad

Leave a Comment