දේශීය

කෝටි ගණනක මුදල් වංචා කළ මූල්‍ය ආයතනයක්

ගලෙන්බිඳුණුවැව පුද්ගලික මූල්‍ය ආයතනයක් ආයෝජකයින්ගේ මුදල් වංචා කළ බවට පවසමින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

 

ගලෙන්බිඳුණුවැව නගරයේ ප්‍රධාන වීථියේ පවත්වාගෙන යනු ලැබු එම පුද්ගලික ආයතනය රු කෝටි 229කට ආසන්න මුදලක් වංචා කර ඇතැයි උද්ඝෝෂකයින් පැවසුහ.

 

මේ වනවිට එම ආයතනයේ නිලධාරීන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර එයට විරෝධය පළ කරමින් ඊයේ (11) දහවල් එම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයේ නියැලුණි.

 

පසුව එම පිරිස කහටගස්දිගිලිය කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිඳුණුවැව නගරයට පැමිණ නගරයට එහිදී ද උද්ඝෝෂණයේ නිරත වුහ.

Related posts

රාමසාන් උපවාස සමය අද සිට

Mohamed Dilsad

චීන විදේශ ඇමති අද ලංකාවට

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment