දේශීය

ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ගැන සාගලගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ දේශපාලනයට නොව රට නිවැරදි මාවතට මෙහෙයවීමට බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි.

 

ඔහු පෙන්වාදෙන්නේ ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් රට බංකොලොත් වන තුරු බලා සිටින බවය.

 

තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් කොළඹ දී සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

 

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වෙතින් මෙරට ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාගත හැකි නමුත් එය රජයේ ප්‍රතිපත්තියක් කරගත නොහැකි බව ද ඔහු පෙන්වාදෙයි.

 

මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ශක්තිමත් නිෂ්පාදන කර්මාන්තයක් මෙන්ම දියුණු සංචාරක ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතින බව සාගල රත්නායක මහතා පවසයි.

 

 

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Editor O

හෙට සිට සිකුරාදා දක්වා නිවසේ සිට වැඩකරන කාල සීමාවක් [PRESS RELEASE]

Mohamed Dilsad

මෙරටින් සොයාගත් ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment