දේශීයවිදෙස්

ජපාන විදේශ ඇමති ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී ලබන සතියේ මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.

 

ලබන 28 සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එම සංචාරය සිදුකෙරෙන අතර විදේශ අමාත්‍යවරයා ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් සංචාරයට එක්වනු ඇති බව වාර්තා වේ.

 

2019 වසරෙන් පසු ජපානයේ අමාත්‍යවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.

 

ජපාන රජයේ සම සභාපතීත්තයෙන් ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම යොෂිමාසා හයාෂී මහතාගේ එම සංචාරයේ අරමුණය.

 

ඊට අමතරව ශ්‍රී ලංකා ජපාන ද්වීපාර්ශවික සහයෝගීතාව සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

මගී බස් රථයක් තාප්පයක් කඩාගෙන යයි

Mohamed Dilsad

අධිකරණයේ පෙනී සිටින ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට දැනුම්දීමක්

Editor O

කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment