දේශීය

කැලණි ගඟේ නාඳුනන මළසිරුරක්

කැලණිය පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ ඊයේ (25) දහවල් එලෙස පිරිමි මළ සිරුරක් ඇති බවට කැලණිය පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.

 

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබේ.

 

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොැමැත.

 

අවසන් වරට ඇඳ සිට ඇත්තේ කහ පැහැති කමිසයක් සහ නිල් පැහැති කොට කලිසමකි.

 

කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට දීමනාවක්

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල පිරිසක් පිටව යයි

Mohamed Dilsad

ඉන්ධන එක්රැස් කර ගැනීමෙන් වළකින්න

Mohamed Dilsad

Leave a Comment