දේශීය

මාස 06ක් ඇතුළත නව පනතක් – ජනපතිගෙන් උපදෙස්

මාස 06ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

 

ඔහු පෙන්වා දෙන්නේ, වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම, යහපත් සෞඛ්‍ය සේවාවක් සැපයීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය.

 

මේ අතර කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට ඉදිරි මාස 03 වෙනුවෙන් ප්‍රමාණවත් වන පරිදි වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර ඇත.

 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ එම කටයුතු සිදුවෙනු ඇති බවය.

Related posts

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

Mohamed Dilsad

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment