දේශීය

නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණය තහනම් කෙරෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු බැදීම අද (04) දින සිට සපුරා තහනම් කර තිබේ.

 

අද පැවති මාධ්‍ය හමුවකදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මේ බව අවධාරණය කළේය.

 

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටි හඳුනා නොගත් කාන්තා මළසිරුරක් හමුවීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.

 

වනජීවි දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ පොලීසියේ නිලධාරින් සමග අද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

“පසුගිය දිනයක නුවරඑළිය ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණ ආශ්‍රිතව කාන්තාවක් මියයාමේ සිද්ධිය පදනම් කරගනිමින් අද දවසේ වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නුවරඑළිය පොලිස් නිලධාරීන් එකතුව සාකච්ඡා කරලා තීරණයක් ගත්තා මින් ඉදිරියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, වනජීවි දෙපාර්තමේන්තුවට අයිති ප්‍රදේශවල සංචාරය කරනවා නම්, කඳු නගිනවා නම් ඒ පිරිස් මූලික වශයෙන් තමන්ගේ නම, ගම, හැඳුනුම්පත, දුරකථනය අංකය සහ අදාළ විස්තර අඩංගු ඉල්ලුම්පත්‍රයක් අදාළ ආයතනවලට යොමු කිරීමෙන් අවසර ලබා ගන්න ඕනේ. ඉන් අනතුරුව එය ආසන්නතම පොලීසියට ඉදිරිපත් කරලා පොලිස්තානයෙත් එකඟතාවය ලබාගැනීමෙන් අනතුරුව සංචාරය කිරීම හෝ කඳු නැගීම කරන්න පුළුවන්. පසුව එම ගමන අවසන් කරලා පොලිස්තානය වෙත පැමිණිමට අපහසුතාවයක් තිබේනම් දුරකථන මාර්ගයෙන් හෝ ඒ ගමන අවසන් කළ බව දැණුම් දෙන්න ඕනේ. එසේ නොවන ඕනෑම කෙනෙක් වනජීවි කලාපය හෝ වන සංරක්ෂණ කලාපය තුළ සංචාරය කරනවා නම් ඒ අයට අදාළ ආයතන වලට තිබෙන නීති වලට අනුව අත්අඩංගුවට ගැනීම කරන්න කියලා අදාළ ආයතන දැනුම්දීලා තියෙනවා.”

 

 

Related posts

හිටපු ජනපති දිගටම සිංගප්පූරුවේ

Mohamed Dilsad

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙක් පැන යයි

Mohamed Dilsad

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment