දේශීය

හෙද වර්ජනයක අවදානමක්

කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

 

එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් ක‍රන්නේ, එසේ නොමැති වුවහොත් දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනවලට යොමුවීමේ අවදානමක් පවතින බවය.

 

“ගමේ කතාවක් තිබෙන්නේ වෙදකම හොඳ වුණත් හෙදකම නරක් වුණොත් රෝගියා මියයනවා කියන කතාව. ඇත්ත වශයෙන්ම හෙදවරයෙක් හෙදවරියක් උසස් මට්ටමක අධ්‍යාපනය ලබමින් සිටියොත් එකේ ප්‍රයෝජනය තියෙන්නේ රෝගියාට. රෝගි සාත්තුවට උසස් පෙළ විද්‍යා විෂය සමත් අය බඳවා ගත්තේ. නමුත් මේ හෙද හිඟයක් පවතිනවා කියලා කලා විෂයන්ගෙන් බඳවා ගැනීමට උපදෙස් දීලා තියෙනවා. දුරදිග නොබලා කවුරුහරි කේවට්ට උපදෙසක් ජනාධිපතිතුමාට දිලා කියලා තමයි අපට හිතෙන්නේ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රතු නිවේදනයක් පෙන්වනවා. මේ ප්‍රකාශය නිකුත් කළ දා පටන් රෝහල්වල හෙද කාර්යමණ්ඩලය මහත් නොසන්සුන්තාවයෙන් පසුවෙනවා. ඒක හොඳ දෙයක් නෙමේ. අකමැත්තෙන් හරි දිවයින පුරාම මහත් විරෝධයක් සිදුකරන්න සිද්ධ වෙන බවයි අපිට පැහැදිලිව පෙන්නේ.”

Related posts

එ.ජා.ප. ට පේනතෙක්මානෙකවත් ආයේ ආණ්ඩුවක් බිහි කිරීමේ වරමක් ඇත්තේ නෑ – ආනන්ද අලුත්ගමගේ [video]

Mohamed Dilsad

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Editor O

ඉන්දියානු මුදල් ලංකාව තුළ භාවිත කිරීමට යයි

Mohamed Dilsad

Leave a Comment