දේශීය

පාර්ලිමේන්තුව අගෝස්තු 08 වනදා සිට රැස්වෙයි

පාර්ලිමේන්තුව අගෝස්තු 08 වනදා සිට 11 වනදා දක්වා රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දැනුම් දී තිබේ.

 

එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු 2023 ජූලි මස 21 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර ඇත.

 

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 කාලය, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

 

අගෝස්තු 08 වන අඟහරුවාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා, ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2023 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

 

අගෝස්තු මස 09 වන බදාදා පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

 

අනතුරුව පස්වරු 5.00ට පමණ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය සංස්ථාගත කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිත බව සඳහන්ය.

 

ඉන්පසු පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

 

අගෝස්තු මස 10 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව “වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වේ.

 

අගෝස්තු මස 11 වන සිකුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා, පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මේ අනුව, පළාත් පාලන ආයතනවල කසළ බැහැර කිරීම, රාවණා රජු පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදු කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම, පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම, ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා වසර පහකට වරක් ස්ථාන මාරුවීම් ලබාදීම සහ විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධනය සැලසීම යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා ද එදින ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

Related posts

බැරල් සංඛගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වේ

Mohamed Dilsad

Leave a Comment