දේශීය

ඇඳුමට ගිනි ඇවිළී කාන්තාවක් මරුට

පොල්පිතිගම නාගොල්ල ප්‍රදේශයේදී ගින්නකට හසුවීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ නිවසේ කුණූ රොඩුවලට ගිනිතබන අවස්ථාවේදී අසල තිබූ මානා ගස්වලට ගින්න ඇවිලීමෙන් පසු එය නිවාදැමීමට උත්සාහ කිරීමේදී ඇයගේ ඇඳුමට ගිනි ඇවිළී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවය.

 

මියගොස් ඇත්තේ 70 හැවිරිදි ගලපිටමඩ, පොල්පතිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

 

මෘතශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) සිදුකිරීමට නියමිතව තිබේ.

Related posts

රැකියා විරහිත උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 වැනිදා අන්තර්ජාලයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහි පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි.

Editor O

නුගේගොඩ රැළියට ජන ගඟක්….

Editor O

Leave a Comment