දේශීය

වියළි කාලගුණයෙන් 90,000ක් පීඩාවට

පවතින නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් 04ක පුද්ගලයින් 90,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුර යන පළාත්වල දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාව එලෙස පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

 

පවුල් 27,885කට අයත් පුද්ගලයින් 89,485 දෙනෙකු එලෙස පීඩාවට පත්වී ඇති අතර වැඩිම බලපෑමට ලක්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

 

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහේ පවුල් 21,714කට අයත් පුද්ගලයින් 69,113 දෙනෙකු පීඩාවට පත්වී සිටී.

 

මීට අමතරව සබරගමුව පළාතේ පවුල් 1,098කට අයත් පුද්ගලයින් 5,734 දෙනෙකු, වයඹ පළාතේ පවුල් 1,726කට අයත් පුද්ගලයින් 5,655 දෙනෙකු සහ නැගෙනහිර පළාතේ පවුල් 2,747කට අයත් පුද්ගලයින් 8,983 දෙනෙකු පීඩාවට පත්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

Related posts

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපතිගෙන් ජාතියට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ජයන්ත සමරවීර නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment