දේශීය

වව්නියා බන්ධනාගාරයේ සංචරණ සීමා ඉවතට

වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

 

බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලදීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වු ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

 

පසුගිය මස 25 වනදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බව වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර තිබේ.

 

ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

මේ අතර මෙරට බන්ධනාගාර වෙත ආහාර හා ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා හේතුවෙන් රැඳවියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Related posts

ධම්මික මහතාගේ දේශීය කොරෝනා පැණියට ආයුර්වේද අනුමැතිය

Mohamed Dilsad

පාන් ගෙඩියක් 190ට දෙයි

Mohamed Dilsad

විදුහල්පති ගැටලු විසඳිම සඳහා පත්කළ විද්වත් කමිටුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. එහිදී විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. වැටුප් විෂමතා, බඳවා ගැනීමේ පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථාන මාරුකිරීම් පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. අදාළ කමිටුව විසින් මේ දක්වා සිදුකර ඇති කාර්යය ප්‍රගතිය සමාලෝචනය කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මූලික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා කෙටිකාලීන විසඳුම් කඩිනමින් ඉරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Mohamed Dilsad

Leave a Comment