දේශීය

අස්වැසුම අභියාචනා සහ විරෝධතා ගැන නිවේදනයක්

අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අගෝස්තු මාසයේ දී අවසන් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී ඒ බව සඳහන් කළේය.

 

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එම සමාලෝචන අවසන් වනවිට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව මිලියන දෙක සම්පූර්ණ කරනු ඇති බවයි.

 

මේ වනවිට අස්වැසුම පිළිබඳ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කරන කාලය තුළ අභියාචනා 1,024,059ක් සහ විරෝධතා 124,495ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

 

දැනට ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන ඇති එහෙත් ඉහළ ප්‍රතිලාභී කණ්ඩායමකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති පවුල් 84,374ක් වෙනුවෙන් දැනට ඔවුන් තේරී පත්වී ඇති කාණ්ඩය යටතේ ප්‍රතිලාභ ගෙවීම සිදුකිරීමට නියමිතය.

 

දැනට සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් අතරින් 1,280,747ක් අස්වැසුම සඳහා අයදුම් කර ඇති අතර, ඉන් පවුල් 887,653ක් අස්වැසුම සඳහා සුදුසුකම් සපුරා තිබේ.

 

අයදුම් කළ පවුල් අතරින් සුදුසුකම් නොලැබූ පවුල් 393,094ක් වෙනුවෙන් විරෝධතා සහ අභියාචනා ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තුරු සමෘද්ධි ප්‍රතිලාභ අඛණ්ඩව ගෙවීම සිදුකරන බව ද සඳහන්ය.

 

පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනේ ඉලක්කය වන අතර, අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය අවසන් වීමේ දී එම ඉලක්කගත පවුල් ප්‍රමාණයට ප්‍රතිලාභ හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ප්‍රතිලාභ ගෙවීම සඳහා ගිණුම් ලක්ෂ 13ක පමණ තොරතුරු මේ වන විට පද්ධතියට ලැබී ඇති අතර, නව ගිණුම් ආරම්භ කිරීමේ කටයුතු රාජ්‍ය බැංකු මගින් සිදු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසියේදී ජනපති කළ සම්පූර්ණ කතාව මෙතනින්

Mohamed Dilsad

උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment