දේශීය

රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කම ගැන අලුත් කතාවක්

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන් හැවිරිදි දරුවකු වකුගඩු සැත්කමකින් පසු මියයාම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකළේය.

 

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ, එම දරුවාගේ ඉවත් කළ එක් වකුගඩුවක් රෝහලේ අධිශීතකණයේ තිබෙන බවට ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශය සිදුකර ඇති බවයි.

 

එහි දී වැඩිදුටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,

 

“ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශයක් කළා තාමත් තියෙනවා කියලා ඒ වකුගඩුව අධිශිතකරණවල දාලා තියෙනවා කිව්වා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ සම්බන්ධයෙන් තියෙන වාර්තාවල් ඉදිරිපත් කරන්නම්.”

Related posts

යෝෂිත රාජපක්ෂට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක්

Mohamed Dilsad

කොළඹ දිස්ත්‍රික්කයේ සිරවී සිටි පිරිසක් අද ගම් බිම් බලා යයි

Mohamed Dilsad

උතුරේ ජනතාවගේ දේශපාලන කැමැත්ත ගැන, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ පැහැදිලි කිරීම.

Editor O

Leave a Comment