දේශීය

පාස්කු ප්‍රහාර නඩුවක චෝදනා කියවා දීම අවසන් වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කුමන්ත්‍රණය කිරීම, ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන්ට චෝදනා කියවා දීම කොළඹ මහාධිකරණය හමුවේ අවසන් කර තිබේ.

 

අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩුව කැඳවුණු බවයි.

 

මෙම නඩුවේ විත්තිකරුවන් විසි හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 23270ක් ගොණුකර තිබිණි.

 

පුරා දින පහක් තිස්සේ සිදු කෙරුණු චෝදනා කියවා දීම ඊයේ (11) දින අවසන් කෙරුණු අතර, විභාගය සඳහා නඩු, ඔක්තෝබර් මස 10 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

 

එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා වෙත අධිකරණය විසින් සිතාසි ද නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

 

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබේ.

Related posts

ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි

Mohamed Dilsad

රු.2,000 දීමනාව සඳහා සුදුසුකම් ලැබූවන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment