දේශීය

ලකුණු කපා ගත් දෙපාර්තමේන්තුව ගැන අනාවරණයක්

වසර තුන හමාරක කාලයකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිලධාරින් බඳවා ගැනීමක් සිදුකර නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණ වුණි.

 

ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් කෝපා කමිටුව හමුවට ඊයේ (13) කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

 

2015 – 2020 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව විසින් සිදුකළ විමර්ශනයක දී දෙපාර්තමේන්තු අතුරින් පහළම ලකුණු ලබාගත් දෙපාර්තමේන්තුව බවට පත්ව ඇත්තේ ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බව එහිදී අනාවරණය වුණි.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසා සිටියේ යුද සමයෙන් පසුව සිවිල් ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කරන්නේ කුමන වැඩ සඳහා ද යන ගැටලුව එවකට රජයට පැනනැගෙන්නට ඇති බවය.

 

“කෘෂිකර්මානය සඳහා විශාල පිරිසක් යෙදෙව්වා. ගොඩනැගීම් වැඩ සඳහා, රජයේ නොයෙක් අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල ආරක්ෂක කටයුතු සඳහා මේ අයව යොදවලා තියෙනවා. ඒ වගේම අක්‍රමිකතා රාශියක් වෙච්ච දෙපාර්තමේන්තුවක් ඇමතිතුමා මේක. ඒ සඳහා යුද හමුදා පොලීසියෙන් විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරීන් පස්දෙනෙක් සේවයට කැඳවලා දීලා තියෙනවා විශේෂ විමර්ශන ඒකකයක් හදන්න. ඒ වගේම මේ දෙපාර්තමේන්තුව ව්‍යාපාර කරලා උපයන හැම සතයක්ම භාණ්ඩාගාරයේ ගිණුම්වලට යන විදියට තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. කිසිම දෙයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් වියදම් කරන්නේ නෑ. ඔබතුමන්ලාගේ දැනගැනීමට දැනට වසර තුනහමාරකින් කිසිදු සේවකයෙක් මේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන නෑ. සම්පූර්ණයෙන් නවත්තලා තියෙන්නේ…”

 

මෙහිදී රජයේ ගිණුම් කාරක සභාව විසින් උපදෙස් ලබාදුන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වර්තමානයේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි තියෙන පනත සංශෝධනය කර එම වාර්තාව ලබාදීමට කටයුතු කරන ලෙසය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් සම්පූර්ණ සුව අතට

Mohamed Dilsad

කිරිපිටි මිල ගැනත් ඉඟියක්

Mohamed Dilsad

විසඳුම් ලැබෙන තෙක් ගුරු වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment