දේශීය

රට පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24) දිවයිනේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

 

එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා,

 

“සෞඛ්‍ය අමාත්‍යාංශය කුමන්ත්‍රණකාරීන්ට නතුවීම මෙම වර්ජනයට ප්‍රධාන හේතුව. අපේ ඉල්ලීම් 07ක් තිබෙනවා. දිවයින පුරා මෙම වර්ජන ක්‍රියාවලිය දියත් කරත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක වෙන්නේ නැහැ.”

Related posts

අද දිනයේ පාසැල් පැමිණි සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය

Mohamed Dilsad

කාලගුණෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

අද ආසාදිතයින් ගණන 687 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment