දේශීය

ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

නෙළුම්කුලම, භාරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ, තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බවට මුලික විමර්ශනවල දී තහවුරු වී ඇති බවයි.

 

දැරිය ජල ටැංකියට වැටීමෙන් පසු වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ, අවුරුදු 01යි මාස 11ක් වන වව්නියාව භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි දැරියකි.

 

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇති බව වාර්තා වෙයි.

Related posts

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සර්වපාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සීෂෙල්ස් හි සිටින ලාංකිකයන් හැකි ඉක්මණින් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment