දේශීය

ව්‍යාපාරිකයා සඟවා ගෙන සිටි රන් බිස්කට්, වටිනාකම කෝටි 2.7ක්

රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනාකමක් ඇති රන් බිස්කට් 14ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයෙක් ව ඊයේ (27) කටුනායක ගුවන්තොටුපොළ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු 42 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

 

ඊයේ සවස ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබුණි.

 

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කිහිපයක් ලෝහ අනාවරක (Metal Detector) යොදාගනිමින් පරීක්ෂා කිරීමේදී ඒවා තුළ සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 314 ක් බරැති රන් බිස්කට් හමුවිය.

 

පසුව මෙම ව්‍යාපාරිකයා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු 31 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

 

Related posts

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා, අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

ගෆූර් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

Mohamed Dilsad

“සාධාරණය ඉෂ්ඨ කිරීමට උපකාර කළ සැමට තුති” – රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment