දේශීය

විගණනයෙන් එළියට ආ ජාතික අපරාධයක්

විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක කෙරුණු, දුම්රිය හරස් මාර්ගවල විදුලි සංඥා පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ සවිකළ පද්ධති එකසිය අසූ අටකින් අනූ හතරක්ම මේවන විටත් අක්‍රීය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි.

 

ඒ අනුව, ඊට වැය කළ රුපියල් මිලියන පන්සියයක මුදල අපතේ ගොස් ඇතැයි එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය.

 

මුහුදුබඩ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142න් 60ක් සහ පුත්තලම් මාර්ගයේ සවිකළ පද්ධති 46න් 34ක් ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

 

එහෙත් එම පද්ධති සඳහා වන මුළු මුදලින් 95%ක්, එනම් රුපියල් මිලියන 1003ක මුදලක් ඉකුත් වසරේ අගෝස්තු මාසය වන විට ගෙවා අවසන්ව තිබීමත් විශේෂත්වයකි.

 

ගෙවුණු මාස කිහිපය තුළ දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරු බොහෝමයකට හේතුව දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂිත ගේට්ටු නොමැතිවීම මෙන්ම විදුලි සංඥා සහ සීනු සක්‍රීය නොවීමෙන් බවට වාර්තා වෙයි.

 

මීට අමතරව තවත් මාර්ග ආරක්ෂණ පද්ධති 10ක් නිසි පරිදි අත්හදා බැලීම් සිදුකර දුම්රිය දෙපාර්තාමේන්තුව වෙත බාර දී නොතිබූ බවද අනාවරණය කර තිබේ.

 

මෙම විමර්ශනයේ හෙළිකර ඇති අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙරට දුම්රිය සේවය වසර 160 කට ආසන්න කාලයක් පැරණි වුවත් 2022 වසරේදී නියමිත පරිදි වේලාවට ධාවනය වී ඇත්තේ මුළු දුම්රිය ගමන් වාරවලින් 28% ක් පමණක් වීමය.

 

එනම් 72%ක්ම දුම්රිය නියමිත පරිදි ධාවනය වී නොමැත.

 

මෙලෙස දුම්රිය සංඥා පද්ධති සම්බන්ධව විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සම්බන්ධ විශේෂ වාර්තාවක් ජාතික විගණන කාර්යාල විසින් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රිශාඩ්ට පාර්ලිමේන්තු එන්න කිසිඳු බාධාවක් නෑ – නීතිපති දැනුම් දෙයි

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය කරුණකට හැර බැහැරට ගියොත් වරෙන්තු නොමැතිවම අත්අඩංගුවට

Mohamed Dilsad

රුපියල් 5000 නොලැබුණේ නම් කථා කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment