දේශීය

ඉන්දීය බිත්තර මිලියන 92ක් ආනයනයට අනුමැතිය

ඉදිරි මාස 03 තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතියන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි.

 

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් රාජයේ වාණීජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

 

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇත.

Related posts

තවත් 344කට සුවයි

Mohamed Dilsad

කොරෝනා වැළකීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ මුලසුනට හමුදාපති පත් කෙරේ

Mohamed Dilsad

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය භූමදානය කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment