දේශීය

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කරන්නැයි චීන සමාගමෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කිරීම සඳහා තම සමාගමට ශ්‍රී ලංකා රජය ආරාධනා කර ඇති බව සයිනොපෙක් සමාගම පවසයි.

 

හොංකොං හිදී මාධ්‍ය අමතමින්, තම සමාගමේ ඉදිරි සැලසුම් ගැන අදහස් දක්වමින් එහි සභාපති Yu Baocai ඒ බව පැවසීය.

 

අපනයනය අරමුණු කරගෙන හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපනය සඳහා සයිනොපෙක් සමාගම සහ වයිටෝල් සමාගම මූලික වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් තෝරාගෙන තිබේ.

 

එසේම ලබන මාසයේදී ශ්‍රී ලංකාව තුළ ඉන්ධන විකිණීමේ කටයුතු ආරම්භ කිරීමටද සයිනොපෙක් සමාගම සූදානම්ව සිටියි.

Related posts

ක්‍රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.

Editor O

ඉරානයට සම්බාධක පනවයි…!

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සහ හෙට විශේෂ වැඩමුලුවක්

Mohamed Dilsad

Leave a Comment