දේශීය

අද රාත්‍රියේ තද වැසි සමග ප්‍රබල අකුණු

අද පස්වරු 2.30 සිට අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඊට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවත් පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related posts

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළට

Mohamed Dilsad

වැලිසර කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 කට කොරෝනා

Mohamed Dilsad

ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් වැසේ

Mohamed Dilsad

Leave a Comment