දේශීය

ප්ලාස්ටික් පුටුවක රැඳවූ ඉටි පන්දම කාන්තාවකට මරු කැඳවයි

අයගම පොලිස් වසමේ උඩුගල ප්‍රදේශයේදී නිවසක ඇතිවූ ගින්නක් හේතුවෙන් වයෝවෘධ කාන්තාවක් පිළිස්සී මියගොස් තිබේ.

 

ඊයේ (16) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්තේ, උඩුගල, අයගම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකි.

 

එම කාන්තාව අසනීප තත්ත්වයෙන් එක් තැන්ව සිට ඇති අතර රාත්‍රී කාලයේදී ඇය රැඳී සිටි කාමරයේ විදුලි පහනක් නොමැති හෙයින් ප්ලාස්ටික් පුටුවක ඉටි පන්දමක් රඳවා එය දල්වා තබා තිබේ.

 

ප්ලාස්ටික් පුටුව ගිනිගෙන ඇය නිදා සිටි මෙට්ටයටද ගිනි ඇවිලි කාන්තාව පිළිස්සීමෙන් මියගොස් ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12 ට දෙනව කිව්ව විට්ස් අතුරුදන් : යතුරුපැදියක් මිල මිලියනය පනී;

Editor O

නීරෝධයන ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment