Trending News

ට්විටර් ග්‍රාහකයින්ට මස්ක් ගෙන් පණිවුඩයක්

නවසීලන්තයේ සහ පිලිපීනයේ නව ග්‍රාහකයින්ගෙන් වසරකට ඩොලරයක් අය කිරීමට “X” සමාජ මාධ්‍ය ජාලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

 

එය නව අත්හදාබැලීමක් බවත් එමගින් එම ජාලය හඳුන්වාදී ඇති ප්‍රධාන අංග වෙත පිවිසීමට හැකියාව ලැබෙතැයි ඊලොන් මස්ක් හිමිකාරීත්වය දරන X සමාගම පවසයි.

 

ඉන් ට්වීට් කිරීමේ හැකියාව, නැවත ට්වීට් කිරීමේ හැකියාව, ලයික් ලබාදීම සහ ට්වීටර් පණිවුඩ සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබෙයි.

 

ගෙවීමක් නොකරන ග්‍රාහකයින් ට හැකියාව ලැබෙන්නේ පණිවුඩ කියවීම, වීඩියෝ නැරඹීම සහ වෙනත් ගිණුම් ෆලෝ කිරීම පමණි.

 

එමගින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ස්පෑම් සහ බොට් ක්‍රියාකාරකම් අඩුකිරීම ට බලාපොරොත්තු වන බව X සමාගම පැවසීය.

 

මස්ක් ඩොලර් බිලියන 44කට පසුගිය වසරේදී ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදීගත් අතර නමුත් මේ වනවිට එහි ක්‍රමික කඩා වැටීමක් දක්නට ලැබෙන බව විචාරකයෝ පවසති.

Related posts

இன்று முதல் தினமும் நீர் விநியோகம் தடை

Mohamed Dilsad

புதிய பிரதம நீதியரசர் நியமனத்திற்கு அரசியலமைப்பு பேரவை அனுமதி.

Mohamed Dilsad

இன்று 10.30க்கு பாராளுமன்ற அமர்வு ஆரம்பம்…

Mohamed Dilsad

Leave a Comment