දේශීය

මියගිය ස්ථානාධිපති ගැන පරීක්ෂණ තවදුරටත්

ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මිය ගොස් සිටිය දී අද (21) අලුයම සොයා ගෙන තිබිණි.

 

ඒ, ඔහු නවාතැන් ගෙන සිටි ලැඟුම්හලේ දී ය.

 

මෙය සිය දිවි නසා ගැනීමක් ද, නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

අද අලුයම 01.00ට පමණ මෙය සිදු ව ඇති බවට වාර්තා වෙයි.

 

ස්ථානාධිපතිවරයා වෙඩි වැදී සිටින බවට ප්‍රථමයෙන්ම දැක තිබුණේ, ඔහු අවදි කිරීම සඳහා ඔහු ගේ නවාතැනට ගිය තවත් පොලිස් නිලධාරියෙකි.

 

වෙඩි වැදී තුවාල ලබා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස් නිලධාරියා ගේ මැදිහත් වීමෙන් ඇහැලියගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

 

වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ප්‍රියංකර ද සිල්වා මහතා මිය යනවිට 42 හැවිරිදි වියේ පසුවිණි.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Related posts

ඉන්දීය ජාතිකයින් පිරිසක් සිය මව්රට වෙත

Mohamed Dilsad

බහාලූම් 323 විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Editor O

උඩුකය නිරුවතින් මාර්ගයේ ඇවිද ගිය තායිලන්ත සංචාරකයා පුරුෂයෙක් …?

Editor O

Leave a Comment