දේශීය

ජීවිත අහිමි කළ මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් තරුණයෙක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (21) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි දේවස්ථානයක රථගාල තුළදී ජීප් රථයක පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

 

එම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.

 

මේ අතර පොතුවිල් – අක්කරපත්තුව මාර්ගයේ සිදුවූ අනතුරකින් 77 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂට පත්ව තිබේ.

 

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව තිබුණි.

 

අනතුරින් බරපතළ තුවා ලැබූ පැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවෙකු පොතුවිල් රෝහල ඇතුළත් කිරීමේදී පැදිකරුවෙකු මියගොස් ඇත.

 

මේ අතර බිංගිරිය පොලිස් වසමේ බෝවත්ත – ගැටුලාව මාර්ගයේ තිසෝගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 36 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

බෝවත්ත දෙසට ගමන්ගත් ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව තිබුණි.

 

මේ අතර ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ සලපයාරු ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ගමන් ගත් මගියෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබුණි.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පදික පුද්ගලයා කුච්චවේලි රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇත.

 

එසේ මියගොස් ඇත්තේ, 20 හැවිරිදි නාවච්චෝලේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

 

මේ අතර කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ පට්ටියවත්ත හන්දියේදී සිදුවූ රිය අනතුරකින් 68 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

කඩුවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව තිබුණි.

 

මේ අතර මාන්කුලම් පොලිස් වසමේ යාපනය – මහනුවර මාර්ගයේ ඉන්දුපුරම් ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක

Mohamed Dilsad

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

Mohamed Dilsad

කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment