දේශීය

චීනයෙන් ගෙනා මාළු ගැන අලුත් කතාවක්

ධීවර අමාත්‍යංශය චීනයෙන් මසුන් ආනයනය කිරීම ගැටලු සහගත බව සමස්ත ලංකා පොදු ධීවර සමිති සම්මේලනය පවසයි.

 

එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සඳහන් කළේ, ධීවර අමාත්‍යාංශය විසින් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මත්ස්‍ය කිලෝ 12,000කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවය.

 

බලපිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රත්න ගමගේ මහතා මෙම අදහස් පළ කළේය.

 

කෙසේවෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ ධීවර ජනතාවට ගැටලුවක් සිදුනොවන පරිදි පාරිභෝගිකයාට වාසියක් සිදුවන පරිදි මෙම මත්සයින් ආනයනය සිදුකර ඇති බවය.

 

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පුද්ගලයින් පෞද්ගලිකව මසුන් ආනයනය කර තත්ත්වයෙන් බාල ගුණාත්මකභාවයෙන් තොරව වැඩි මිලට මාළු අලෙවි කරන බවය.

 

Related posts

රට පුරා ඔමික්‍රෝන් අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

මල්ලිගේ පහරදීමෙන් අයියා මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපියල සියයට 8.4%කින් වර්ධනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

Leave a Comment