දේශීය

ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමේ වැඩපිළිවෙලක්

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, විදුලි උත්පාදන අමුද්‍රව්‍ය රැස් කරගැනීම සඳහා එහි සැපයුම්කරුවන් සමග යම් යම් තීන්දු තීරණවලට එළඹ ඇති බැවින් ඉදිරියේදී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

 

ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

දිවයිනේ සියලුම සුරාසැල් දින දෙකක් වහයි

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමේ online app එක අද සිට

Mohamed Dilsad

වෑන් රථයක ගැටී පියෙක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

Leave a Comment