දේශීය

දයාසිරි අලුත් ගමන ගැන හෙළිකරයි

නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, රටට නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව මතුවී ඇති බවය.

 

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

 

“දේශපාලනය ගැන කලකිරීමක් නැහැ. ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණානේ. ඉතින් ඒක නිසා භාවනා කරා ගියා. භාවනා කරන්න කියලා පොඩි ඉල්ලීමකුත් තිබුණා.”

 

“මේ දේශපාලනයත් එක්ක තවදුරටත් ගමන් කරන්න බැහැ කියලා මම හිතන්නේ.”

 

සටන අතහැරලා නැහැ. මම තාමත් ශ්‍රී ලංකා නිදහස් පන්ෂයේ. හැම පක්ෂයක්ම කථා කළා.. අපිත් එක්ක එකතුවෙමු කියලා කිව්වා. මම වෙන පක්ෂවලට එකතුවෙන්න සූදානමක් නැහැ. රටට වෙනස්… අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕනේ.”

Related posts

රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වේ

Mohamed Dilsad

වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතුයි

Mohamed Dilsad

රනිල් – මංගල ඇතුළු පිරිසක් දේශපාලන පලිගැනීම් කොමිසමට

Mohamed Dilsad

Leave a Comment