දේශීය

18 හැවිරිදි තරුණියක් අතුරුදන්

18 හැවිරිදි තරුණියක් ඉකු‍ත් 15 වනදා සිට අතුරුදන්වී ඇති බවට හික්කඩුව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

 

ගාල්ල දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය එදින ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොලේ සිටින අයුරු සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.

 

ඇය පිළිබඳ‍ තොරතුරක් දන්නේ නම් දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

ඇයගේ මව සඳහන් කරන්නේ,

 

“17 වනදා රෑ 9.28ට කෝල් එකක් ආවා. දුව තමයි කතා කළේ. අනේ අම්මේ මං ගැන හොයන්න එපා. මට එන්න වෙන්නේ නැහැ. පොලීසියට යන්නත් එපා කිව්වා. ඒ එක්කම එතන හිටපු ගැහැණු කෙනෙක් කිව්වා.. පොලීසියට යන්න එපා කියලා.”

Related posts

රෝහිත බෝගොල්ලාගමට අධි චෝදනා ගොණු කර නඩු පවරයි

Mohamed Dilsad

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

Mohamed Dilsad

සාදය ඛේදවාචකයක් වෙයි – 9ක් රෝහලට අයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment