දේශීය

ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණ තීන්දුව ලබන සතියේ

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයේ තීන්දුව මේ මස 14 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක ම‍හෙස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා දැනුම් දී තිබේ.

 

කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ලබාදෙන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 

ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි ලබාදීම අවසන් කෙරුණු අතර මේ වන විට එම මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂිකරුවන් 8 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ.

 

මියගිය කොතලාවල මහතාගේ බිරියගේ සහෝදරියක් වන ෂෙරින් පේෂන් විජේරත්න, බම්බලපිටිය පොලීසියේ සැරයන්වරයෙකු මෙන්ම කොතලාවල මහතා යටතේ සේවය කළ සේවකයින් කිහිපදෙනෙකුද සාක්ෂි ලබා දී ඇති බව සඳහන්ය.

 

කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඒ මහතාගේ බිරිඳගේ සහෝදරියක් වන ෂෙරින් පේෂන් විජයරත්න මහත්මිය බම්බලපිටිය පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

 

කොතලාවල මහතා අංක 28, එලිබෑන්ක් පාර, කොළඹ 5 යන ලිපිනයේ පදිංචිව සිටි නමුත් ඒ මහතා යටතේ සේවය කළ කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත ඔහුව අංක 13, ඩික්මන් පටුමග, කොළඹ 4 යන ලිපිනයෙහි පිහිටි නිවසක් වෙත ගෙනගොස් රඳවා තබා ගෙන ඇති බව සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

 

ඒ මහතා යටතේ සේවය කළ කණ්ඩායම් දෙකක් ඔහුගේ දේපළ අත්පත් කරගෙන ඇති බවද එසේ දේපළ අත්පත් කර ගැනීම සඳහා කොතලාවල මහතාව අංක 13, ඩික්මන් පාර, නිවසේ තබාගෙන සිට ඇති බවද එම මරණ පරීක්ෂණයේදී සාක්ෂිවලින් වැඩිදුරටත් හෙළි වී ඇති බව සඳහන්ය.

Related posts

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල අද විශේෂ නිරීක්‍ෂණයක්

Mohamed Dilsad

වැලිකඩ පොලිසියේ හිටපු OIC ට ඇප

Mohamed Dilsad

කුඩු කිලෝ 108ක් උඳුන ට

Mohamed Dilsad

Leave a Comment