දේශීය

පස්කඳු කඩා වැටී ඇල්ල – වැල්ලවාය පාර අවහිර වෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයට 7 කණුව ප්‍රදේශයේදී පස්කඳු කඩාවැටී තිබේ.

 

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

 

අප වාර්තාකරු සඳහන් කළේ අද (24) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එම මාර්ගයේ තැනින්තැන පස්කඳු සහ ගස් කඩාවැටී ඇති බවය.

 

මේ වනවිට එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇනහිට ඇති බවද වාර්තා වෙයි.

 

මේ අතර රන්දෙනිය ප්‍රදේශයේ නිවාස දෙකකට පස් කඩාවැටී හානි සිදුවී ඇති බවද අප වාර්තාකරු පැවසීය.

Related posts

පවතින තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට දැනුම්දීමක්

Mohamed Dilsad

“චමී”ගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව දැන සිටියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment