දේශීය

කඳානේ වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි

කඳාන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් බලෙන් ලබාගැනීමට තැත්කිරීම සහ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමේ වරද සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (30) රාත්‍රී කිරිවත්තුඩුව, දොම්පේ සහ උඩුගම්පොළ ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඳාන පොලීසිය වෙත භාරදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

 

සැකකරුවන් අතර කාන්තාවක් ද වන අතර සැකකරුවන් සතුව තිබී ටී 56 ජීව උණ්ඩ 57ක් සහ ඔවුන්ගේ වෑන් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහර දී පිහියකින් කපා තුවාල සිදුකර රුපියල් 750,000ක් පමණ වටිනා රන් මාලයක් සහ යතුරුපැදියක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු මීගමුව සහ කඩොල්කැලේ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

 

මේ අතර අයගම ඉන්නකන්ද ප්‍රදේශයේ දී පසුගිය 29 වනදා 45 හැවිරිදි කාන්තාවක් ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අයගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කතානායකට, සභානායකට එරෙහිව අර්චුනා ජිනීවා යයි…!

Editor O

අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟයක් නැහැ

Mohamed Dilsad

නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment